spot_img
spot_img

“සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නෑ” කබ්රාල්ගේ නඩුව කල්තබමින් මහාධිකරණය දැනුම් දෙයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව ලබන ඔක්තෝබර් 10 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඊයේ (26) නියෝගයක් නිකුත්කරමින් පවසා සිටියා.

ග්‍රීක රජය ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බව දැනුවත්ව තිබියදීත් 2012 වසරේදී ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනුකර තිබුනි.

එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඊයේ නොපවත්වා වෙනත් දිනයක් ඒ සඳහා නියම කරන ලෙස පැමිණිල්ල එනම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එහිදී පළමු විත්තිකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඇතුළු විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්‍ෂේප කරමින් මහාධිකරණය මින් පෙර ලබාදුන් නියෝගයට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණයට අභියාචනා ගොනුකර ඇති බව පෙන්වා දුන්හ. එකී අභියාචනා ලබන සැප්තැම්බර් 19 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවන බැවින් ඉන්පසු දිනයක එම නඩුව කැඳවීමට දින නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම්වලට පිළිතුරු දුන් මහාධිකරණ විනිසුරුවරයා තම අධිකරණය නිරතුරුවම ඉහළ අධිකරණවලට ගරු කරන බවත් තමන් මින් පෙර ලබාදුන් නියෝගයකට එරෙහිව විත්තිය ඉහළ අධිකරණයට අභියාචනා ගොනු කර ඇත්නම් ඉහළ අධිකරණයෙන් තීන්දුවක් ලැබෙනතුරු එකී නඩුව කැඳවීම නුසුදුසු බව සිය අධිකරණය ද සිතන්නේ යැයි පෙන්වා දුන්නේය.

එමෙන්ම, මේ අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවීමට කිසිසේත්ම අපේක්‍ෂා කරන්නේ නැතැයි ද විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා එම නඩුව කල්තැබීමට නියෝග කරමින් වැඩිදුරටත් පැවසීය.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...