ශ්‍රී ලංකාවෙ අති දැවැන්තතම සම්මාන උළෙල ලෙසින් හදුන්වා ගනිමින් Iconic Awards නමින් පවත්වනු ලබන සම්මාන උළෙලක් පිලිබදව මේ දිනවල සමාජ මාධ්‍යයේ විශාල වශයෙන් කතාබහට ලක්වනවා.
මෙම සම්මාන උළෙල පිලිබදව ලංකාවේ ජනප්‍රිය මෙන්ම කීර්තිමත් බොහෝ දෙනෙකු දැඩි විවේචනාත්මකව සාකච්චා කර තිබෙනු දක්නට ලැබුණා.
කෙසේ වෙතත් අප කළ සොයාබැලීමකදී අනාවරණය වුණේ ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස තමන්ට අදාළ සම්මාන වර්ගයට පිවිසීමෙන් අනතුරුව රු: 150,000.00 ක මුදලක් ගෙවීමෙන් පසුව මෙම සම්මාන උළෙලට සහභාගී විය හැකි බවටයි.
මේ පිලිබදව විමසා බැලීමේදී කිසිදු නීතිමය වරදක් නොවුවත් සදාචාරසම්පන්න සමාජයක මුදලට සම්මානයක් මිලදීගෙන උත්කර්ෂවත් අයුරින් එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙස හුවාදැක්වීම එක්තරා ආකාරයක පෞර්ෂ හිනතාවයක් ලෙසද පේනවා දිය හැකි බව සමාජ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
මෙවැනි සම්මාන උළෙලවල් විශාලවශයෙන් දැකගත හැකිවීම සුලබ කරුණක්.
එමෙන්ම මෙවැනි සම්මාන උලලේලවල් හරහා තම වෙළදපොල වටිනාකම ව්‍යාජය අයුරින් ගොඩනගාගැනීමට උත්සහ කරන බවටයි ඇතැමෙක් චෝදනා කරන්නේ.






