spot_img
spot_img

පරාටේ නීතියේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා අවශ්‍ය ණය අයකරගැනීමේ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණා.

ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට අදාළ බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග 2024-12-15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමටත්, ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීමටත් 2024-02-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...