spot_img
spot_img

දූෂණ විරෝධී පනත වැඩ අරඹයි.. රන් කැකුළු ගිණුම දක්වා වත්කම් පිරික්සයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවකයන් බාර දෙන වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඔවුන්ගෙන් යැපෙන බිරින්දෑවරුන් දරුවන් ඇතුලු සියලු පුද්ගලයන්ගේ (වයස නොසලකා) වත්කම් පිළිබඳ විස්තරද ඇතුළත් කරන්නැයි දැනුම්දී ඇත.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව අනිවාර්යයෙන්ම එසේ කටයුතු කළ යුතු බව එම කොමිෂන් සභාව පවසයි.

දේශපාලඥයන් ඇතුළු ඇතැම් ප්‍රබල පුද්ගලයන් සිය අයතා වත්කම් බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ නමින් තැන්පත් කිරීම වැලැක්වීම මෙම නව ක්‍රියාමාර්ගය මගින් සිදුකිරීමට බලාපොරොත්තු වෙයි.

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලුම රාජ්‍ය නිලධාරීන් සෑම වසරකම මාර්තු මස 31 වැනිදාට ඇති සියලු දේපළ පිළිබඳ විස්තර අැතුළත් වත්කම් බැරකම් ප්‍රකාශය තම ආයතන ප්‍රධානියාට මෙම මස 30 වැනිදාට පෙර භාරදිය යුතුවේ.

මේ අතර මීට කලින් පැවති නව වැනි පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ද වසර දෙකක් යනතුරු වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව එසේ කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...