කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යය සඳහා දින නියම කර තිබේ.
අද (19) දින ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවැති සාකච්ඡාවේදී තීරණය කර ඇති පරිදි එළඹෙන ජුලි මස 25 වනදා සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීමට දින නියමකර තිබේ.
ඒ අනුව දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වනදා වීදී සංචාරය කිරීමට නියමිතයි.
දියවඩන නිලමේවරයා පැවසුවේ කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 වැනි දා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කෙරෙන අතර අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දිනය වන අගෝස්තු 08 වැනි දා රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි.




