Sunday, April 19, 2026
spot_img
spot_img

යුග යුග යා කරන යුග යාත්‍රා – Live in Concert

කොළඹට නැවුම් අත්දැකීමක් එක්කරමින් සුභාවිත සංගීතයේ සොදුරු සංගීතමය හැන්දෑව, යුග යාත්‍රා – ප්‍රසංගයේ දෙවන දිග හැරුම අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු දෑ මේ වන විටත් සූදානම්ව පවතිනවා.

ඒ අනුව එළැඹෙන ජුනි 21 දින කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී මෙවර යුග යාත්‍රා – ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි.

Wickramanayake Holdings (Pvt) Ltd වෙතින් ඉදිරිපත් කරන යුග යාත්‍රා – ප්‍රසංගය ජුනි 21 දින පස්වරු 6.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙනු ඇති.

එදින එහි පැමිණෙන ඔබට විරහවේ ප්‍රේමනීය හඩ විදගන්නටත් හදවතේ ගබුරටම කාවැදුණු සොදුරු සංගීතමය හැන්දෑවට එක්වී සංගීත රසාස්වාදයේ උපරිමය සජීවීව විදගැනීමට අවස්ථාව හිමිවනවා.

මාධූර් සංගීත කණ්ඩායම එදින සංගීතය සපයන අතර T.M ජයරත්න,කරුණාරත්න දිවුල්ගනේ,රිද්ම වීරවර්ධන,නුවන්ධිකා සේනාරත්න එදින හැන්දෑව ගීයෙන් රසගන්වීමට නියමිතයි.

ආදරයේත් විරහවේත් ප්‍රේමනීය හඩ විදගන්න හදවතේ ගබුරටම කාවැදුණු සොදුරු සංගීතමය හැන්දෑවට ඔබත් එන්න…

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...