spot_img
spot_img

ත්‍රීපෝෂ මුල් පුටුව අලුත් වෙයි!

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අමල් නිරෝෂණ අත්තනායක මහතා වෙත ලබාදීම අද (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

වසර 25 කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුදක් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙක් වන අතර විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ. තවද ටෙනිස් ක්‍රීඩාවෙන් මෙරට නියෝජන්‍ය කරමින් ජාත්‍යන්තරය තරඟාවලි සඳහා ද සහභාගී වී ඇත.

දේශීය මෙන්ම වි‌දේශීය වෙළෙද සන්නාම රැසක නිර්මාණකරු වන අත්තනායක මහතා දකුණු ආසියාවේ මෙන්ම මෙරට ජාත්‍යන්තර ප්‍රදර්ශණ කිහිපයක් මෙහෙයවීම සහ කළමණාකරණය සිදු කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...