Tuesday, April 21, 2026
spot_img
spot_img

පට්ටපල් බොරු කියන මාලිමාව වතු කම්කරුවන්ද රැවැට්ටුවා – අයවැයෙන් කිසිම සහනයක් නෑ

මෙවර 2025 අය වැය තුලින් වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳව දියාරු පිලිවෙතක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.

හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා :

ජනාධිපති මැතිවරණ සමයේදි හා පාර්ලීමේන්තු මැතිවරණ සමයේදි ජාතික ජනබල වේගයේ කණ්ඩායම වේදිකා දෙවනත් කරමින් පැවසුවේ වතු කම්කරුවන්ට ලැබෙන දෛනික වැටුප මදි බවත් එම දෛනික වැටුප රුපියල් 2,000 දක්වා වැඩි කිරීමට තමන් පියවර ගන්නා බවත්ය.

එසේ වේදිකා දෙවනත් කරමින් අදහස් වලට රැවටුන වතු කම්කරුවන් බොහෝ පිරිසක් එම මැතිවරණවලදි ජාතික ජනබල වේගයට ඡන්දය ලබා දීලා ඔවුන් දිනවිමට පියවර ගත්තද ජාතික ජනබල වේගයේ ප්‍රථම අය වැය තුලින් මේ වතු කම්කරු ජනතාවට නිසි සහනයක් ලබා නොදිම කනගාටුවට කරුනක්.

රුපියල් 2,000 දක්වා වැටුප් වැඩි කල යුතු බව පැවසු මේ රජය තම අයවැය තුලින් මේ වතු කම්කරුවන්ට රුපියල් 1700ක වැටුප් වැඩිවිමක් ගැන සදහන් කලද මේ වන තෙක් වතු සමාගම් එයට නිසි ප්‍රථිචාරයක් දක්වා නැහැ. එම තත්වයන් මත එම වැටුප මේ වතු කම්කරුවන්ට කවදා ලැබෙයිද නොලැබෙයිද කියන් දන්නෙත් නැහැ.

මෙවරත් සිදු වුනේ මේ රටේ ආර්ථිකයට දැඩි දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන් රැවටීමකට ලක් වීමක් විතරයි. මේ රටේ ආර්ථිකයට දැඩි දායකත්වයක් ලබා දෙන මේ වතු කම්කරුවන් මේ වන විට දැඩි දුෂ්කරථාවයන්ට ලක් වෙලා ඉන්නේ එම දුෂ්කරථා මධ්‍යයේ මේ වතු කම්කරුවන් හැමදාම රැවටිමට ලක්විම දැඩි කනගාටුවක්.

අපි මේ රජයෙන් ඉල්ලන්නේ පසු ගිය මැතිවරණවලදි පැවසු පරිදි මේ වතු කම්කරුවන්ගේ ජිවිත නගා සිටුවිමට ඔවුන්ගේ දෛනික වැටුප වැඩි කර දිමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...