spot_img
spot_img

පොලිස්පති සොයා දෙන්න – පොලීසිය මහජනතාවගෙන් අයදී

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවකදී පැවසූවේ මේ වනවිට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසයි.

පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝගයක් නිකුත් කළේය.

2023 වසරේ දෙසැම්බර් (31) වෙනිදා මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පොලිස් නිලධාරියෙකු මිය යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

කෙසේවෙතත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති නමුත් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් මෙතෙක් හමුවී නොමැත.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...