spot_img
spot_img

උඩින් යද්දී නියමුවන්ට නින්ද ගිහින්

අභ්‍යන්තර ගුවන් ගමනක් අතරතුරේ, එම ගුවන් යානය පියාසර කරමින් සිටි නියමුවන් දෙදෙනාට නින්ද යෑමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.

මෙසේ නින්ද ගොස් ඇත්තේ ඉන්දුනීසියාවේ ජනප්‍රිය ගුවන් සේවයක් ලෙස සැලකෙන ‘බතික් එයාර්’ ගුවන් සේවයට අයත් එයාර් බස් ‘ඒ 320’ වර්ගයේ මගී ගුවන් යානයක නියමුවන් දෙදෙනකුටයි.

එම අවස්ථාවේදී යානය, ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ ගුවන්තොටුපොළේ සිට ජාකර්තා අගනුවර ගුවන්තොටුපොළට තෙක් පියසර කරමින් සිට තිබු අතර නියමුවන් දෙදෙනා ද සමඟ යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 153 දෙනකු සිට තිබෙනවා.

නියමුවන්ට නින්ද යෑමෙන් යානය, සුළු වේලාවකට, නියමිත ගමන් මාර්ගය මඟ හැර වෙනත් දිසාවකට පියාසර කර තිබෙන අතර නියමු පාලන කුටියේ අනතුරු නළා නාද වීමත් සමඟ වහා අවදි වූ නියමුවන්, යානය නියමිත දිශාවට පියාසර කරවීමටත්, ඉන්පසු එය ජාකර්තා ගුවන්තොටුපොළට ගොඩබෑමටත් සමත්ව තිබුණා.

පසුගිය ජනවාරියේ සිදුවුණු මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්ද පැවැත්වුණු අතර, ඉන්දුනීසියා මාධ්‍ය ​මෙම සිද්ධිය පිළිබඳ අනාවරණය කළේ එම විමර්ශන අවසන් වීමෙන් අනතුරුවයි.

විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ, 32 හැවිරිදි ප්‍රධාන නියමුවා යානය ගුවන් ගත වීමෙන් පැය භාගයකට පමණ පසු, සහායක නියමුවාට දන්වා ඇත්තේ තමන්ට විවේකය අවශ්‍ය බැවින් ගුවන් යානයේ පාලනය ගන්නා බාර ගන්නා ලෙසයි.

සහාය නියමුවා ඊට අවනත වී ඇති නමුත් පසුව ඔහුට ද නින්ද ගොස් තිබෙනවා.

තම බිරිඳ, මාසයකට පමණ පෙර නිවුන් දරුවන් බිහි කළ බවත්, දරුවන් බලා ගැනීමට බිරිඳට සහාය පළ කළ බැවින් පසු දා තමන්ට හරිහැටි නින්දක් නොලැබුණු බවත්, තමන්ට නින්ද ගියේ ඒ නිසා බවත්, විමර්ශනයේ දී සහාව නියමුවා නිදහසට කරුණු දක්වා තිබෙනවා.

එසේ වුවත්, ‘බතික් එයාර්’ ගුවන් සේවය නියමුවන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ වාර්තා කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...