spot_img
spot_img

FCIDය පණගන්වයි

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) නැවත ආරම්භ කිරීමට මුල් පියවර තබමින් එම කොට්ඨාසය භාරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කිරීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ යන විෂය භාරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාව පත් කර තිබේ. මෙම පත් කිරීමට අදාළ නියෝගයන් පෙරේදා (09) වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කරනු ලැබීය.

අසංක කරවිට මහතා මේ වන විට සේවයේ නිරතව සිටින්නේ ප්‍රජා පොලිස්, සංචාරක සහ ආයෝජන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසය. නව අංශය භාරව ඔහුව පත්කර ඇත්තේ ලබන 12 වෙනිදා සිට ක්‍රියාත්මක වන ලෙසය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව ද ඒ අනුව අසංක කරවිට මහතා කටයුතු කරනු ඇත.

රත්නපුර දිසාව භාරව මේ වන විට සේවයේ නිරතව සිටින පවිත්‍ර දයාරත්න මහතා මූල්‍ය අපරාධ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇත. මෙම පත් කිරීමද ලබන 12 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස පත් කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අධ්‍යක්ෂවරයෙක් පත් කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගැසට් කර බලාත්මක කරනු ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මේ අතර බස්නාහිර පළාත් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...