spot_img
spot_img

නොරොච්චෝලේ අක්‍රියයි අදත් පැය 11/2 ක විදුලි කප්පාදුවක්

හදිසි විදුලි බිඳවැටීමෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ආරක්ෂණ පද්ධති (Safe mode Operations) ක්‍රියාත්මක වීම හේතුවෙන් එහි ජනක යන්ත්‍ර තුනම අක්‍රිය වූ බවත් එහි ප්‍රතිෂ්ඨාපන කටයුතු යුහුසුළුව සිදුකරමින් සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ නිසා දිනකට පැය එක හමාර බැගින් කාණ්ඩ කිහිපයක් යටතේ අද (11)දිනයේත් විදුලි විසන්ධි කරන බව එම මණ්ඩලය සඳහන් කරයි. මෙය ඊයේ (10) දිනයේද ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව A,B,C,D කාණ්ඩය යටතේ පස්වරු 3.30ත් පස්වරු 4.00 විදුලිය විසන්ධි කරන අතර පස්වරු 5.00ත් පස්වරු 5.30 අතර විදුලිය යථා තත්ත්වයට පත් කෙරේ.

E,F,G,H,U,V කාණ්ඩය යටතේ පස්වරු 5.00ත් පස්වරු 5.30 විදුලිය විසන්ධි කරන අතර පස්වරු 6.30ත් පස්වරු 7.00 අතර විදුලිය යථා තත්ත්වයට පත් කෙරේ.

I,J,K,L,P,Q කාණ්ඩය යටතේ පස්වරු 6.30ත් පස්වරු 7.00 විදුලිය විසන්ධි කරන අතර පස්වරු 8.00ත් පස්වරු 8.30 අතර විදුලිය යථා තත්ත්වයට පත් කෙරේ.

R,S,T,W,A කාණ්ඩය යටතේ පස්වරු 8.00ත් පස්වරු 8.30 විදුලිය විසන්ධි කරන අතර පස්වරු 9.30ත් පස්වරු 10.00 අතර විදුලිය යථා තත්ත්වයට පත් කෙරේ.

කිසියම් කාණ්ඩයක් යටතේ ඇති විදුලි ඉල්ලුම කළමනාකරණය, නියමිත වෙලාවේ පවතින විදුලි ඉල්ලුම සහ ජනන ධාරිතාව අනුව ධාරිතාව වෙනස් වීමට ඉඩ ඇති බව ලංක විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලි සැපයුම විසන්ධි කරන වෙලාව සහ යථා තත්ත්වයට පත් වන වෙලාව නියමිත වෙලාවේ සිට මිනිත්තු 30ක් ඇතුළත වෙනස් වීමට ඉඩ ඇති බව ද එම මණ්ඩලය සඳහන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...