spot_img
spot_img

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.

2024 වර්ෂයේ දී නාන්ඒරිය පොලිස් ස්ථානාධිපතිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.

ඊට අදාළව ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නියෝගයක් ද නිකුත් කර තිබුණි.

ඒ අනුව ඩෑන් ප්‍රියසාද්ව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...