spot_img
spot_img

තවත් වන්දි භට්ටයින් ලැයිස්තුවක් එළියට

පසුගිය අරගල සමයේ නිවාස හානි වීම් මත රජයෙන් වන්දි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව ප්‍රාදේශීය දේශපාලකයින් ඇතුළු තවත් පිරිසකගේ ලැයිස්තුවක්ද ආණ්ඩුව සතුව පවතින බවත් ඉදිරියේදී ජනතාවට එම පිරිසද අනාවරණය කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙලෙස අති විශාල වන්දි ලබාගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නැවත විමර්ශනය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පරීක්ෂා කිරීම හරහා විමර්ශනය කළ හැකි බවත් ඔවුන් අයථා ලෙස උපයාගත් වත්කම් වේ නම් ඒවා අනාවරණය කර ගැනීමට එය මහඟු අවස්ථාවක් වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...