spot_img
spot_img

ලංකාවෙ දැනට පදින වාහන මිල ගණන් 25% කින් පහළ බසී..ගන්න ඉන්න අයට සතුටුදායක ආරංචියක්..ජපන් ඇල්ටෝ, යාරිස් සහ වැගන් ආර් නව මිල ගණන් එකහා සමාන වෙයි

වාහන ආනයනය සදහා අවසර ලබාදීමෙන් පසුව මෙරටට ගෙන්වන පළමු වාහන තොගය පෙබරවාරි 25ත් 27ත් ලගාවනු ඇතැයි වාහන ආනයනයකරුවෝ පවසනවා.

දෙවැනි සහ තුන්වැනි වාහන ආනයනය තොග මාර්තු මාසයේ මැදදී ලගාවනු ඇතැයිද මාර්තු මාසයේ මැද සිට වාහන අලෙවිසැල්වලට ගොස් පරීක්ෂා කර බලා වාහන මිලදී ගැනීමට හැකියාව ලැබෙන බවද ආනයනකරුවෝ මෙරට ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 60 සිට ආනයනය කරනු ලබන වාහන මිලදී ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති බවයි ආනයන කරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

එම පුවත්පතට වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සදහන් කර ඇත්තේ, ජපන් ඇල්ටෝ රථයක් සහ වැගන් ආර් රථයක් ලක්ෂ හැටත් හැට පහත් අතර මිලක සිට මිලදී ගැනීමට අවස්ථාව හිමිවන බවයි.

ටොයෝටා යාරිස් රථයක් ලක්ෂ 65 සිට මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කරයි.

මේ අතර වැදගත්ම ආරංචිය වන්නේ නව වාහන වෙළද පොළට ලැබීමත් සමගින් මේ වන විට රට තුළ ඇති පාවිච්චි කළ වාහනවල මිල ගණන් සියයට 25කින් පහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

තවද මෙරට නව වාහන ගෙන ඒමත් සමග සාමාන්‍ය පාරිභෝගික ජනතාව භාවිතා කරන යතුරුපැදි සහ ත්‍රීරෝද රථ මිලෙහිද දැනෙන වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...