spot_img
spot_img

සේවක අර්ථසාධක අරමුදල ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න

කම්කරු කාර්යාලය මගින්, සේවක අර්ථසාධක අරමුදල යටතේ නව සාමාජිකයන් ලියාපදිංචිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඍජුවම සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු නොකොට එක් එක් ආයතන මට්මින් A හා H පත්‍රිකා අදාළ කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙසයි, එහි දැක්වෙන්නේ.

2025 ජනවාරි 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාත්මක වන බව කම්කරු කාර්යාලය නිවේදනය කරනවා.

සේවකයෙකු සේවයට බැඳුණු දින සිට දින 30 ක කාලසීමාවක් තුළ දී එම සේවකයා සේවක අර්ථසාධක අරමුදල යටතේ ලියාපදිංචිය අනිවාර්යය කිරීම සඳහා 2021.10.12 දිනැති නියෝග මඟින් නව නීතිමය විධිවිධාන හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 2024 ඔක්තෝම්බර් මස සිට සාමාජික ලියාපදිංචියට අදාළ නව ක්‍රමවේදය යටතේ සේවකයෙකු ලියාපදිංචි කිරීම දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබූ අතර සියලුම කම්කරු කාර්යාලයන්හි එම තොරතුරු පද්ධතිය ස්ථාපිත කිරීම 2024 දෙසැම්බර් මස සම්පූර්ණ කරන ලදී.

සේවක අර්ථසාධක අරමුදල යටතේ සේවකයෙකු බඳවා ගෙන ප්‍රථම මාසය තුළදී ම සේවකයා ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමත් සමඟ එතෙක් සේවකයන් ලියාපදිංචි කර නොතිබූ ආයතන මඟින් සේවකයන් විශාල සංඛ්‍යාවකගේ ලියාපදිංචියට අදාළ ඉල්ලීම් කම්කරු කාර්යාලයන් වෙත ඉදිරිපත් වීම සිදුවිය.

ඉහත තත්වය සැලකිල්ලට ගෙන ජනවාරි 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන කම්කරු කාර්යාල බල ප්‍රදේශවල පිහිටි ආයතන මඟින් නව ලියාපදිංචියට අදාළව අයදුම්පත් භාරගැනීම එක් එක් ආයතන මඟින් පමණක් සිදු කිරීම අපේක්ෂා කරන බව කම්කරු කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව, සේවකයන් තනි තනි වශයෙන් කාර්යාල වෙත පැමිණීම වෙනුවට කම්කරු දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙනු ලබන නියමිත දිනයක දී හා නියමිත වේලාවක දී අදාළ සේවකයා නියමිත කම්කරු කාර්යාලය වෙත යොමු කිරීම සිදු කරන මෙන් ඉල්ලා සිටී.

1. උතුරු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 11, 12, 13, 14, 15 ප්‍රදේශ සහ කැලණිය සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)

2. මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 07, 08, 09, 10 ප්‍රදේශ සහ කොලොන්නාව සහ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)

3. නැගෙනහිර කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 03, 04, 05 ප්‍රදේශ සහ කඩුවෙල සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)

4. බටහිර කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 06 ප්‍රදේශය සහ දෙහිවල සහ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ)

5. දකුණු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ( කොළඹ 01, 02 ප්‍රදේශ සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය)

මේ අනුව නැවත දැනුම් දෙන තුරු සේවකයන් ඍජුවම කම්කරු කාර්යාල වෙත යොමු නොකිරීමට කටයුතු කරන ලෙසත් අදාළ ආයතන මඟින් පමණක් A හා H පත්‍රිකා අදාළ කම්කරු කාර්යාල වෙත භාරදීමට කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටින බව කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...