නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශය පවසන්නේ, විදුලි ගාස්තු සංශෝධනයට සාපේක්ෂව ජල ගාස්තුව සංශෝධනය මේ මස අවසානයේදී සිදුකිරීමට නියමිත බවයි.
ජල බිල අඩු කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලයේ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනාව තමාට ලැබී ඇති බවයි, එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.
අදාළ යෝජනාව විෂය භාර අමාත්‍යවරයාට ලබා දී ඇති බව ඔහු සඳහන් කළේය. අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය ප්‍රකාශ කළ හැකි බව රංජිත් ආරියරත්න මහතා පවසනවා.
ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සඳහන් කළේ, මෙවර සංශෝධනයේදී සියයට 10ත් 30 අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට හැකිවනු ඇති බවයි.




