spot_img
spot_img

පොල් බෑයක් ගන්නත් වෙනම රස්සාවක් කරන්න වෙයි

2024 ජනවාරි මාසයේ අවසන් සතියට සාපේක්ෂව මේ වසරේ (2025) ජනවාරි මාසයේ අග සතිය වනවිට දී පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 88 කින් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු ප​ර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරනවා.

ඒ අනුව, මේ දිනවල ලොකු පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කෙරෙන අතර, කුඩා පොල් ගෙඩියක් රුපියල් 170 ත් 190 ත් අතර මිලකට අලෙවි කරනවා.

ඉකුත් වසරේ ජනවාරි මාසයේ අවසන් කාලපරිච්ඡේදය සමග සැසදීමේ දී ලොකු පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 78 කින් සහ කුඩා පොල් ගෙඩියක මිල සියයට 88 කින් ඉහළ ගොස් ඇතැයි එම ආයතනය නිකුත් කරන ලද සතිපතා ආහාර ද්‍රව්‍ය විවරණයේ සඳහන්.

එමෙන්ම ඉකුත් වසරේ ජනවාරි අග සතියට සාපේක්ෂව පොල් ගෙඩියක තොග මිලද සියයට 110 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද එම ආයතනය පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...