spot_img
spot_img

පාර්ලිමේන්තුවට චන්ඩි බහී

අද (6) පාර්ලිමේන්තු සභා වාරය රැස්වූ අවස්ථාවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අග්‍රාමාත්‍යවරියගෙන් විමසූ ප්‍රශ්නයක් අතරතුර නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා දයාසිරි ජයසේකර මහතා විසින් නැගූ අතුරු ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයන්ට පටහැනිවූ බව පැවසීය. එහිදී ඉන් කෝපයට පත් දයාසිරි ජයසේකර මහතා “Who is this bugger” යනුවෙන් පවසන ලදී.

එමෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද ස්ථාවර නියෝගයන්ට පටහැනි ප්‍රශ්නයක් නැගූ අවස්ථාවේදී ඊට බාධා කළ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාට “පොඩ්ඩක් ඉන්න මැදින් පනින්නැතුව” යනුවෙන් ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී නැගී සිටි සභානායක විමල් රත්නායක මහතා විපක්ෂනායකවරයාගේ එම ප්‍රකාශයට එරෙහි දැඩි විවේචනයක් එල්ල කළ අතර විපක්ෂ නායකවරයාට වහාම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසද සඳහන් කළේය.

එමෙන්ම ඊයේ දිනයේ යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් විසින් කථානායකවරයාට “Shame on you” යනුවෙන් ප්‍රකාශ කිරීම සම්බන්ධවද දැඩි විවේචනයක් එල්ල කළ සභානායකවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“ගරු කතානායකතුමනි දැන් මේකට ගොඩක් චන්ඩි ඇවිල්ලනේ, ඊයෙ එක්කෙනෙක් කතානායකතුමාට Shame on you කියලා කෑ ගැහුවා, අද එක්කෙනෙක් ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාට Bugger කිව්වා. දැන් විපක්ෂ නායකතුමා ඔබතුමාට කියනවා ‘මැදට පනින්නැතුව ඉන්නවා’ කියලා. ඔක්කොටම කලින් ඔබතුමාට ඉල්ලා අස්කර ගන්නවද කියලා කියන්න.”

කෙසේවෙතත් පසුව ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායකවරයා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...