spot_img
spot_img

ලසන්තගේ අවනඩුව ගිනිගද්දී ජනපති නීතිපති කැඳවයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නීතිපති පාරින්ද රණසිංහ මහතා සමඟ සාකච්ඡාවක් අද (6) පස්වරුවේ කැඳවා ඇති බව වාර්තා වනවා.

මෙම හමුව පස්වරු 2 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු බවටයි වාර්තා වන්නේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිදුවීම මේ වන විට සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර තිබෙනවා.

නීතිපතිවරයාගේ මෙම අන්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද දහවල් 12 ට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක්ද සංවිධානය කර ඇති බව එම සංගමයේ සභාපති මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා පවසනවා.

අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම හැසිරීමට විරෝධය පලකරමින් ඉදිරියේදී තවත් ක්‍රියාමාර්ග කිහිපයක්ම ගැනීමට නියමිත බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...