රජය වී මිලට ගන්නා මිල ගණන් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා සඳහන් කර සිටිනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය ගොවියාගෙන් වී මිලට ගන්නා මිල ගණන් පහත පරිදි වේ.
නාඩු 1kg වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නේ රුපියල් 120.00
සම්බා 1kg වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නේ රුපියල් 125.00
කීරි සම්බා 1kg වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නේ රුපියල් 132.00




