spot_img
spot_img

මෙරට සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිලට එකවරම සිදු වූ දේ මෙන්න

රට තුළ භාවිතා කරන ලද වාහන මිල ගණන් නැවත වතාවක් ඉහල යමින් තිබෙනවා.

රජය විසින් නව බදු හඳුන්වාදීමත් සමඟ ආනයනය කරන වාහන වල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රවණතාවය ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

පැවැති බදු අනුපාත යටතේම නව වාහන ආනයනය සිදුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් පාරිභෝගිකයන් භාවිත කල වාහන මිලට ගැනීම අඩු කිරීම මත ආසන්න දින කිහිපය තුළ දෙවන පෙල වාහන සැලකිය යුතු ලෙස පහළ බැසීමක් සහ අලෙවි අඩුවීමක් දක්නට ලැබුණා.

කෙසේ නමුත් නව බදු හඳුන්වා දීමෙන් පසු ආනයනික වාහන මිල ගණන් ඉහල යාමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි පැවසෙන්නේ.

මෙරට වාහන අලෙවි කරන ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයකම ද එම මිල ඉහළ යාම පැහැදිලිව නිරීක්ෂණය කල හැකිය.

කෙසේ වෙතත් නව වාහන අනනයන මගින් මෙරටට ජනතාවට නියම මිල තව නොබෝ දිනකින් දැනගත හැකි අතර ඉන් පසුව නැවතත් සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල පහල යනු ඇති බවටයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දෙන්නේ

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...