spot_img
spot_img

රනිල් සජිත් හවුලෙන් සජබ ඇතුලතින් පුපුරයි

සමගි ජන බලවේගයේ තරුණ කණ්ඩායම් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීමට සමගි ජනබලවේගය ගත් තීරණය හේතුවෙන් ඉදිරි දේශපාලන කටයුතුවලදී පක්ෂයට සහ පක්ෂ නායකත්වයට හානියක් සිදුවීමට අවස්ථාවක් පවතින බවයි.

සජබ ක්‍රියාකාරී චරිත් අබේසිංහ පවසන්නේ පක්ෂය ගත් එම තීරණයට තරුණ මන්ත්‍රීවරුන් ද අප්‍රසාදය පළ කරන බවයි.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ, වෙනත් පක්ෂයක් සමඟ සම්බන්ධවීමෙන් සජබ පිරිහීමට ලක්ව ඇති බවයි.

මැතිවරණයට පෙර එකතු නොවූ පක්ෂ පරාජයෙන් පසු එකතුවීම හරහා වැරදි පූර්වාදර්ශයක් ජනතාවට ලැබෙනා බවත්. එවිට ආණ්ඩුවට එරෙහිව හොරු එකතුවන බවට ජනතාව විශ්වාස කරනා බවත් ය.

නයි මුගටි ගංවතුරෙදි එකම කොටේ ලගින බව කියනා බැවින් ආණ්ඩුව පිරිහෙමින් යන මොහොතක පක්ෂයක් ලෙස කළ යුත්තේ පක්ෂය ප්‍රතිව්‍යුහ ගතකරමින් නැවතත් ජනතාව සමඟ වැඩ කිරීම බවයි.

මීට මාස 4කට පෙර අනුර රනිල් ගිවිසුම ගැන කතාකළ සජබ, රනිල් සමඟින් නැවත එක්වීමට යෑමෙන් පක්ෂයේ සුජාත භාවයට හානි විය හැකි බවද ඔහු පවසයි.

එවැන්නක් සිදු උවහොත් ජනතාව අසනා ප්‍රශ්න වලට පිළිතුරු දීමට හැකියාවක් නැතිව අසරණ විය හැකි බවත් චරිත් අබේසිංහ පවසයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...