spot_img
spot_img

සියලු රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැයේ දී රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.මේ අනුව, රාජ්‍ය සේවයේ පරිවර්ථනීය වෙනසක් වෙනුවෙන් ඉදිරියේ දී පියවර රැසක් ගැනීමට නියමිත බවයි, තඹුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර දැනට පවතින වැටුප් තල අනුව, රුපියල් 7,500 ත් 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට එකතු කිරීමට නියමිත බවත්, ඒ ඒ වැටුප් තල අනුව, මූලික වැටුපට අදාළ වැඩි කිරීම සිදු කිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග පවසන්නේ, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ ක්‍රමවේදය (Formula) මේ වනවිට මුදල් අමාත්‍යාංශය සකස් කර අවසන් බවත්, වැඩි කිරීමට නියමිත මුදල කොතෙක්දැයි මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා තීරණය කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත් අදාළ වැටුප් ඉහළ දැමීම මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබන පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන 2025 අයවැයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

කෙසේවෙතත් අදාළ වැටුප් වැඩිවීම ලබන අප්‍රේල් මාසයේ සිට සිදු කිරීමට නියමිතව ඇත.

පසුගිය රජය රටේ ඍණ ආර්ථිකයක් පැවැතියදීත් 2024 වසරේ ජනවාරි මස සිට රුපියල් 10,000 කින් වැටුප් වැඩි කිරීමක් සිදු කරනු ලැබීය.

ඊට අදාළව ගෙවීමට තිබූ රුපියල් 15,000 ක හිඟ මුදල රුපියල් 5,000 බැගින් මේ වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලය තුළ ගෙවා අවසන් කිරීමට නියමිතව ඇත.

ආර්ථික විශ්ලේෂකයන් පවසා ඇත්තේ, පසුගිය කාර්තු හතරේදීම රටේ ආර්ථිකය ධන තත්ත්වයට පත්ව තිබෙන බැවින් සහ රාජ්‍ය ආදායම සියයට 38 කින් පමණ ඉහළ ගොස් තිබෙන බැවින් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ඉක්මවූ වැටුප් වැඩිකිරීමේ හැකියාව පවතින බවයි.

මේ අතර රජයේ සේවකයන්ගේ ඇඟට දැනෙන වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව, ජනාධිපතිවරයා ද පසුගිය දිනවල ප්‍රකාශ කර සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...