spot_img
spot_img

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් 34ක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවට බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

මේ හේතුවෙන් නිවාස 84ක්, පාලම් 16ක් සහ ආගමික ස්ථාන දෙකකට හානි සිදුවී ඇති බව සඳහන් වනවා.

පුද්ගලයින් 90 දෙනෙකු අවතැන් කඳවුරු වෙත යොමු කර ඇති බව විදෙස් වාර්තා කළා.

පසුගිය මාර්තු මාසයේ බටහිර සුමාත්‍රා ප්‍රදේශයට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...