spot_img
spot_img

22, ලබන18 වැනිදා පාර්ලිමේන්තුවට

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අද දෙරණ කළ විමසීමකදී අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ එදිනට අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කළ අතර ඊට මුල් අවස්ථාවේ සිටම ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම ජාත්‍යන්තර සංවිධාන රැසකින් විරෝධය එල්ල විය.

විරෝධය මැද අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජය ඉකුත් 7 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගැණින.

මේ අතරවාරයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් සමඟ පැවති හමුවේදීත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංශෝධනය සිදුකළ යුතු බවට වූ ස්ථාවරයේ පසුවිය.

මෙවැනි පසුබිමක අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද දෙරණට පැවසුවේ මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

මීට සමගාමීව අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතද එදිනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර, එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි දින 14ක කාලසීමාවක් හිමිවේ.

එම පෙත්සම විභාග කර දින 3ත් – 21ත් අතර කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතුය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...