ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු හැර අනෙක් මන්ත්‍රීවරු සෑම වසරකම ජූනි මාසයේ 30 වන දා ට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට භාර දිය යුතුව තිබෙනවා.
ඒ අනුව, ඇමතිවරු සහ රාජ්‍ය අමාත්‍යවරු නොවන මන්ත්‍රීවරු සංඛ්‍යාව 160 දෙනෙකු වන අතර, එම පිරිසෙන් නියමිත කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට ලබා දී ඇත්තේ හැට දෙනෙකු පමණක් බවටයි වාර්තා වන්නේ.
මෙසේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් මන්ත්‍රීවරු පිළිබදව පාර්ලිමේන්තු බළධාරීන් විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.
ඇමතිවරු සහ රාජ්‍ය අමාත්‍යවරු ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙනු ලබන්නේ ජනාධිපති ලේකම්ටයි.
නිසි ලෙස සිය අදාල අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ලේකම්ට එම තොරතුරු වාර්තා කර ඇද්ද යන්න තවමත් හෙළි වී නැහැ




