spot_img
spot_img

වර්ජනයෙන් දුම්රියට කෝටි 10ක පාඩුවක්

දුම්රිය වර්ජනය පැවැති දින දෙක තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට ආසන්න ආදායමක් අහිමිවී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසනවා.

එම නිලධාරියා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දිනක මගී ප්‍රවාහන ප්‍රවේශපත් ආදායම පමණක් කෝටි 4 ක් පමණක් වන බවත්, එම ආදායමට භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සෙසු ආදායමත් එකතු කළ පසු දෛනික ආදායම කෝටි 5 ක් පමණ වන බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයත් සමඟ ප්‍රවේශපත් නිකුත් නොකිරීම නිසා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වර්ජනය පැවැති දිනවල ධාවන කළ දුම්රියවල ගිය මගීන්ගෙන්ද ප්‍රවේශපත් ගාස්තු නොලැබුණු බවත්, වර්ජනය අඛණ්ඩව පැවතුණ හොත් අලාභය තවත් වැඩි වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...