spot_img
spot_img

දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවල සක්‍රීය දායකත්වයෙන් කරන්න යන ජාතික වැඩසටහනක් ගැන විශේෂ සාකච්ඡාවක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කසළ කළමනාකරණය විධිමත් කරමින් පාරිසරික ගැටලුවකට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත ‘පිවිතුරු පුරවර’ ජාතික කසළ කළමනාකරණ වැඩසටහනේ ඉදිරි සැලසුම් සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් නුවරඑළිය මහ නගර සභා ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත.

ඒ අනුව සමස්ත දිවයිනේ කසළ ගැටලුවට ස්ථිර විසඳුම් ලබාදීමේ අරමුණින් වසර තුනක කාලයක් තුළ රුපියල් මිලියන 30,000කට අධික ප්‍රතිපාදන වෙන් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

එමෙන්ම මෙම වැඩසටහන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවල සක්‍රීය දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ලෝකයේ දියුණු රටවල අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රමවේදයන් ද සැලකිල්ලට ගනිමින් කසළ පාරිසරික හා සමාජීය ගැටලුවක් වශයෙන් නොව, ආර්ථික වටිනාකමක් සහිත සම්පතක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව සඳහන්.

එබැවින් වර්තමානයේ ජනනය වන කසළ ප්‍රමාණය සහ එහි වර්ග පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන දත්ත පද්ධතියක් සකස් කර, එම දත්ත මත පදනම්ව ඉදිරියේදී ජනනය විය හැකි කසළ ප්‍රමාණය පිළිබඳ පුරෝකථනය කිරීමට නියමිතව ඇත.

අඳාළ එම පුරෝකථනවලට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයට ගැළපෙන නවීන, විද්‍යාත්මක සහ ප්‍රායෝගික කසළ කළමනාකරණ විසඳුම් හඳුන්වාදීම මෙන්ම ඒවා වසර තුනක කාලයක් තුළ ක්‍රියාත්මක කර අවසන් කිරීම වැඩසටහනේ අපේක්ෂාවයි.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය ඉලක්ක කරගත් ‘පුනරුදයේ පුරවර’ වැඩසටහන සම්බන්ධ කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ බව සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...