Saturday, April 18, 2026
spot_img
spot_img

වරාය අධිකාරියේ මෙවර ලාභයෙන් රු. බිලියන 5ක් භාණ්ඩාගාරයට

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ ලැබූ ලාභයෙන් රුපියල් බිලියන 5ක් (රු. කෝටි 500ක්) රජයේ ඒකාබද්ධ අරමුදලට ලබාදීමට තීරණය කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව, පසුගිය සැප්තැම්බර් මාසයේදී රු. බිලියන 2ක් දැනටමත් ලබාදී ඇත. තවත් රු. බිලියන 3ක් දෙසැම්බර් මාසයේදී ලබාදීමට නියමිතය.

නව රජය බලයට පත්වීමෙන් පසු මෙම වසරේ ඔක්තෝබර් 31 වැනිදා වන විට වරාය අධිකාරියේ බදු පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 39ක් දක්වා ඉහළ නැංවීමට සමත් වී ඇති බවත්, එය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 12ක වර්ධනයක් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

2024 වසර දක්වා පෙර දශකය තුළදී වරාය අධිකාරිය ඒකාබද්ධ අරමුදලට ලබාදුන් මුළු මුදල රුපියල් බිලියන 10.3ක් පමණ වන අතර, මෙවර රු. බිලියන 5ක් ලබාදීමෙන් එය ඉතිහාසයේ එක් වසරකට වැඩිම දායකත්වය ලෙස සටහන් වේ.

මෙම මුදල් රජයේ මූල්‍ය හිඟය අඩුකිරීමට හා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සෘජුව බලපානු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙති.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...