spot_img
spot_img

එල්-නිනෝ තත්ත්වය හමුවේ ගතයුතු පියවර ගැන දෙවන වරටත් දීර්ඝ සාකච්ඡාවක්

එල්-නිනෝ තත්ත්වය හමුවේ ගතයුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් රැස්ව තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (20) පස්වරුවේ රැස් වූ මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව විසින් ඉදිරියේදී ඇති වන එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගතයුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

මේ වන විට ලෝකයට එල්නිනෝ තත්ත්වයක් ඇති විය හැකි අවධානම 81%ක් බවට ලෝක කාලගුණික විද්‍යා සංවිධානය පුරෝකථනය කර තිබෙන බවත්, ඒ අනුව සමාජයීය වශයෙන් සෘජුවම බලපෑමට ලක්විය හැකි කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, වැවිලි ක්ෂේත්‍රය, ජල කළමනාකරණය, බලශක්ති යන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ඒ අනුව එක් එක් අංශවලට අයත් රාජ්‍ය ආයතන විසින් එල්නිනෝ තත්ත්වයකට මුහුණ දීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීනව සකස් කළ ක්‍රියාකාරී සැලැස්ම මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

එල්නිනෝ තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ අතර, බලපෑමකට ලක්වන අංශවලට අවශ්‍ය විසඳුම් සකස් කිරීමට අදාළ යෝජනා සම්බන්ධව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු විය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...