Sunday, February 22, 2026
spot_img
spot_img

පාකිස්තාන සංචාරයේ ගැටලුව ගැන ක්‍රිකට් ආයතනය කිව්වා දේ මෙන්න

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර මේ දිනවල පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට මතුව ඇති අර්බුදකාරී වාතාවරණය ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීමට විනාඩි කිහිපයකට පෙර ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කිරීමත් සමග මෙම අර්බුදය මතුවිය.

ඒ අනුව නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ආරක්ෂක ගැටලු මත යළි මෙරටට පැමිණීමට ඉල්ලීමක් කළ බව කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් අද (12) උදෑසන තමන් වෙත දැන්වූ බවය.

මෙම තත්ත්වයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රියාත්මක වී ක්‍රීඩකයින් සමග මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

එමෙන්ම සෑම අයෙකුගේම ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) සහ අදාළ බලධාරීන් සමග සමීප සම්බන්ධීකරණයෙන් සියලු ගැටළු නිසි ලෙස විසඳන බවට ඔවුන්ට සහතික වූ බව ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම තත්ත්වය තුළ තරගාවලිය සැලසුම්කළ පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සියලුම ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් දී ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකු හෝ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවට ආපසු ඒමට තීරණය කළහොත්, තරගාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ඊට ආදේශක ක්‍රීඩකයන් යොමුකරන බව ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු හෝ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ආපසු පැමිණියහොත්, ඔවුන් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටියි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

AI රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය

කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම...

ශ්‍රී ලංකාවේ දැනට විශාලතම බලශක්ති ව්‍යාපෘතිය මෙන්න

ශ්‍රි ලංකාවේ මෙතෙක් ඉදිවන විශාලතම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය හම්බන්තොට...

අත්අඩංගුවට ගත් නතාෂා ගැන ස්ථානාධිපති කණගාටු වෙයි

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්.!

ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ප්‍රමාණවත්...