Sunday, April 19, 2026
spot_img
spot_img

කවුද හොරා කියලා කෑ ගහපු බඩු ටික දැන් එකම වේදිකාවේ

විපක්ෂයේ දේශපාලන පක්ෂ කවුද හොරා කවුද හොරා කියලා කෑ ගහපු බඩු ටික දැන් එකම වේදිකාවේ සිටින බවත් ජනතාවට කියන්නේ ඇන්දෙන්න එපා බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ සඳහන් කරනවා.

ජාතික විධායක සභික වසන්ත මුදලිගේ වැඩිදුරටත් සඳහන් කළේ,

“නාමල් රාජපක්ෂලගේ කඳවුර රනිල් වික්‍රමසිංහලගේ කඳවුර අරගලයෙනුත් ඒ වගේම මැතිවරණයෙනුත් දෙකේදිම මේ රටේ ජනතාව පරාද කරලා ඉවරයි.

ඒ නිසා (21) මේ ජන රැළියක් හරි මොකුත් නෙවෙයි. (21) කෙඳිරියක් ඒ කෙඳිරිය සිද්ධ කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් නෙමෙයි. ජනතාව වෙනුවෙන් කරනවා නම්, පහුගිය කාලේ විපක්ෂයට ඕන තරම් දේවල් කරන්න තිබුණා. හැබැයි මොකද කරන්නේ.?

දැන් නාමල් රාජපක්ෂලට ඕනි නැවත කඳවුරක් හදාගන්න. අර පරාද කරපු දේශපාලන කඳවුර ෆෝම් කරගන්න ඕනේ. ඒකට විවිධ අය එකතු වෙනවා. අනේ ඉතින් ආයෙ එකතු වෙන්නෙත් ගිහිල්ලා හම්බවෙන්නේ කවුරුහරි අමුතු අය නෙමෙයි.

මේ රටේ ජනතාව හැමදාම ප්‍රතික්ෂේප කරපු එක්සත් ජාතික පක්ෂය. අනිත් පැත්තෙන් ගත්තම අනිත් දැන් විපක්ෂයෙ ඉන්න දේශපාලන පක්ෂ කවුද හොරා කවුද හොරා කියලා කෑ ගහපු බඩු ටික දැන් එකම වේදිකාවේ අන්න නුගේගොඩ. මේ බලය වෙනුවෙන් ගහන ගේම් එකක්. අපි ජනතාවට කියන්නේ ඇන්දෙන්න එපා මේකට.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...