Saturday, June 6, 2026
spot_img
spot_img

චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්වය ගැන අලුත් අරාංචියක්

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

සමාජ මාධ්‍ය තුළ පැතිර යන ආකාරයේ උගුරේ ශල්‍යකර්මයකට ඔහුව භාජනය නොකෙරුණු නමුත් නැවතත් ඔහුට ගීත ගායන කිරීම සඳහා මාස 4ක හෝ 5ක කාලයක් ගතවනු ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළා .

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ  වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,

“ජනප්‍රිය ගායක චාමර වීරසිංහ කෘතිම ශ්වසන ආධාරකවලින් තොරව දැන් සාමාන්‍ය පරිදි ශ්වසනය සිදුකරනවා. නමුත් ඔහුව තවදුරටත් දැඩි සත්කාර ඒකකය තුළ රඳවා ගනිමින් දැඩි නිරීක්ෂණයක නිරතවෙමින් සිටිනවා. සමස්තයක් ලෙස කියන්න පුළුවන් වෙන්නේ ඔහුගේ තත්ත්වය හොඳ අතට හැරී තිබෙනවා.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...