spot_img
spot_img

කල්බදු වාහන පවරාගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රම ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී පවතින නීති මත කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ මූල්‍යකරණය යටතේ ලබා ගත් යම් දෙයක් වේ නම් එය නැවත ලබා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව වසර 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණයට යටතේ 27 වෙනි වගන්තියේ පැහැදිලි කර ඇති බවය.

ඒ අනුව මේ සම්බන්ධව අදාළ බදු දෙන්නා විසින් ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත දැනුවත් කළ යුතු බවත් ඒ හරහා නැවත පවරාගැනීමේදී පොලිස් සහාය ලබා ගැනීමට ද හැකියාව ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් නීති ප්‍රතිපාදන ප්‍රකාරව අයුතු ඇතුළුවීමක් හෝ බලහත්කාරයෙන් ලබා ගැනීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

“අපි මතක් කරන්නට අවශ්‍යයි කල්බදු සමාගම්, මූල්‍ය සමාගම් විසින් වාහන ඇතුළු කල්බදු මූල්‍යකරණයට යටත්කර ඇති උපකරණයක සන්තකයට ලබා ගැනීමට ඒ අනුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව විධි විධාන වසර 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණය යටතේ 27 වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව විස්තර කරලා තියෙනවා. මෙහිදී බදු දෙන්නා විසින් අදාළ උපකරණය අයිති ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත එම අයිතිවාසිකම පිළිබඳව පෙර දැනුවත් කළ යුතුව තිබෙනවා. මෙම දැනුම්දීම හරහා මෙම බදු දෙන්නා විසින් එම අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීමේදී යම් සාමය කඩවීමක් වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එහිදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකුගේ ඒ අවශ්‍ය සහාය ලබා දී ඒ අවශ්‍ය පියවර ගැනීමටත් හැකියාව තියෙනවා.

විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙම උපකරණය සන්තකයේ ඇති අයගේ යම් කිසි ප්‍රතිරෝධය පෑමක් නොමැති නම් කිසිදු සාමය කඩවීමක් නොවී බදු දෙන්නාට ඒ උපකරණය තමා සන්තකයට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් එම උපකරණය තමා සන්තකයට ලබා ගැනීමට යාමේදී යම් ප්‍රතිරෝදයක් එල්ල වූ අවස්ථාවේදී බදු දෙන්නා විසින් ඊට අදාළව දිසා අධිකරණයේ පිහිට පැතිය යුතුයි. සමහර අවස්ථාවලදී මෙම දිසා අධිකරණයේ පිහිට නොපතා මේ ප්‍රතිපාදනවලට පරිභාහිරව ක්‍රියා කිරීම මගින් විශේෂයෙන් බදු දීමනාකරු හො ඔහුගේ නියෝජිතයෙකු විසින් නෛතික තත්ත්වය මුහුණ පෑමටත් සිදුවෙනවා. මේ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමේදී සාපරාධී වරදක්, අපරාධමය වරදක් නිර්මාණය වුවහොත්, අපි කතාවෙන කොල්ලකෑමක් වශයෙන් හෝ සාපරාධී අයුතු ඇතුළ්වීමක් හෝ බලෙන් ලබා ගැනීමක් වූ විට ඒ පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...