spot_img
spot_img

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

අධ්‍යඅධයේ නව පෙරළියක් ලෙස ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම් කීපයකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශක වල ඉහළට ඔසවා තැබීම හා අන්තර් ජාතික කරණය උදෙසා විදේශීය විශ්ව විද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගීතාවන් ඇති කර ගැනීම අරමුණු කර ගනිමින් පහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඒ අනුව ඇතිකරගත් ගිවිසුම් පහත පරිදි වේ.

* පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ මහජන චීන සමූහාණ්ඩුවේ, චීන විද්‍යා ඇකඩමිය යටතේ පවතින භූ විද්‍යා හා භූ භෞතික විද්‍යා ආයතනය (Institute of Geology and Geophysics) අතර වසර 5 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.

* කැලණිය විශ්ව විද්‍යාලය හා ඉන්දියාවේ භාරතීදාසන් විශ්ව විද්‍යාලය අතර වසර 5 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.

* මොරටුව විශ්ව විද්‍යාලය සහ ජපානයේ යොකොහමා ජාතික විශ්ව විද්‍යාලයේ බහු විධ විද්‍යා ආයතනය (Institute of Multidisciplinary Sciences) අතර වසර 5 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.

* මොරටුව විශ්ව විද්‍යාලය සහ ජපානයේ ටොකු යමා විද්‍යාලයේ, ජාතික තාක්ෂණ ආයතනය (National Institute of Technology) අතර වසර 05 ක කාලයකට වලංගු වන අවබෝධතා ගිවිසුම.

මෙවැනි උපාධියක් හැදෑරීම තුළින් නව රැකියා අවස්ථා රැසක් සිසුන් නිතරගයෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව විශ්වාසය කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...