spot_img
spot_img

ඉන්ධන නොමැත බෝඩ් ගහයි – පිරවුම්හල් වසා දමයි – ඉන්ධන නිකුත් කිරීමට සීමා කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ මෙරට ඉන්ධන බෙදාහැරීමේ නිරත පෞද්ගලික සමාගම් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය මෙතෙක් පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබා නොදීම හේතුවෙන්, එම සමාගම් ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් සීමා කර ඇති බවයි.

මෙම අර්බුදය හේතුවෙන් 18 වැනිදා දිනය පුරා දිවයිනේ ප්‍රදේශ රැසක පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දැකගත හැකි වූ බව වාර්තා වූ අතර දිස්ත්‍රික්ක ගණනාවක පිරවුම්හල්වල පෙට්‍රල් සහ ඩීසල් හිඟයක් නිර්මාණය වී තිබූ අතර, ඇතැම් ස්ථානවල ‘ඉන්ධන නොමැත’ යනුවෙන් සඳහන් නාමපුවරු ප්‍රදර්ශනය කර තිබේ.

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ වැඩි වශයෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල් මඟින් පමණක් බව බෙදුම්කරුවන් පෙන්වා දෙයි.

වැඩිදුරටත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ පෞද්ගලික අංශයේ ඉන්ධන සමාගම් අතරින් ‘සයිනොපෙක්’ සමාගම ඉන්ධන නිකුත් කිරීම අවම මට්ටමකට පහත හෙළා ඇති අතර, එම සමාගමට අයත් පිරවුම්හල්වලින් බහුතරයක් වසා දමා ඇති බවයි.

රට තුළ අවශ්‍ය තරම් ඉන්ධන සංචිත පැවතියද, සමාගම් මට්ටමින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම නිසා පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පෞද්ගලික ඉන්ධන සමාගම් ප්‍රකාශ කරන්නේ, රජය විසින් නියම කර ඇති වත්මන් මිල ගණන් යටතේ ඉන්ධන බෙදාහැරීම සිදුකිරීමෙන් තමන්ට දැඩි මූල්‍ය පාඩුවක් සිදුවන බැවින් මෙලෙස සැපයුම් සීමා කිරීමට සිදුව ඇති බවයි.

පවතින ගැටලුවට කඩිනම් සහනදායී විසඳුමක් ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යාංශයෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියද මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද එම සමාගම් වැඩිදුරටත් අවධාරණය කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...