spot_img
spot_img

ආනයනික මෝටර් රථ සහ ත්‍රිරෝද රථ ටයර්වලට තද බල නීති

දේශීය නිෂ්පාදකයින්ට සාධාරණ තරගකාරී පසුබිමක් සහතික කිරීම සහ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, ආනයනික මගී මෝටර් රථ ටයර් සහ ත්‍රිරෝද රථ ටයර් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති අනිවාර්ය කිරීමට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත

ඒ අනුව, මගී මෝටර් රථ ටයර් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති 1212 සහ ත්‍රිරෝද රථ සඳහා භාවිත කරන වායු පිරවූ ටයර් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති 1347 නියම කරමින්, 2026 ඔක්තෝබර් 01 වැනි දිනැති අංක 2508/27 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් 2026 අංක 08 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පනවා ඇති බව වාර්තා වී තිබේ

එම රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...