spot_img
spot_img

සිම්බාබ්වේ ට තියුණු ජයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (16) පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස් කළේය.

චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 69 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 66ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 174කි.

සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් දැවී තිබියදී ලකුණු 178ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබුණි.

තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ය.

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේය.

දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා (18) පැවැත් වීමට නියමිතය

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...