spot_img
spot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පරිපාලනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිහිටුවීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.

යහපාලනය, සුපිළිපන්නභාවය, විනිවිදභාවය, වගකිවයුතුභාවය, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවශ්‍ය නීතිමය විධිවිධානද ඊට ඇතුළත් වේ.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වවල සුබසාධනය ආරක්ෂා කිරීම සහ දූෂණයෙන් හා අනෙකුත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය බලතල හා කාර්යයන් මෙම පනත් කෙටුම්පත මඟින් නියම කිරීමට අපේක්ෂිතය.

2026 ජුනි 8 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අනුමැතිය ලබාදී තිබිණි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී තිබේ.

අනතුරුව එය රජයේ ගැසට් පත්‍රයේ පළ කර, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...