පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
ශ්රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා බලඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම කැඳවීම සිදුකර තිබෙන බවද වාර්තා වේ.
මීට පෙර පසුගිය සඳුදා දින කොමිසම හමුවට පැමිණෙන ලෙස මන්ත්රීවරයාට දැනුම් දී තිබෙන අතර, මන්ත්රීවරයා ඔහුගේ නීතිඥවරයා මගින් ලිපියක් යොමු කරමින් මෙම මස 25 වනදායින් පසු දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. නමුත් එම ඉල්ලීම අල්ලස් කොමිසම විසින් ප්රතික්ෂේප කර තිබෙන අතර හෙට දිනයේ පෙනී සිටිය යුතු බවට දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.




