spot_img
spot_img

ඉන්ධන ලබාගැනීමට ඔබ වැඩිපුර ගෙවන මුදල පිලිබදව දනුම්වත්ද

ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021ක පමණ මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැදවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී ඇති බව සඳහන්.

නිලධාරීන් විසින් සිදුකර ඇති මෙම ගෙවීම හේතුවෙන් මේ වනවිට පාරිභෝගිකයා විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට සඳහා රුපියල් 5යි ශත 85ක්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 7යි ශත 50ක්ද, ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 5යි ශත 88ක් සහ සුපර් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 6යි ශත 96ක මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවී ඇති බව මෙහිදී හෙළිවී තිබේ.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශය විසින් පිරවුම්හල්හිමියන් වෙත අදාළ චක්‍රලේකය නිකුත් කිරීමට වසර 08කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීම හේතුවෙන් 2014 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ සංස්ථාවට රුපියල් මිලියන 3,416 ක අලාභයක් සිදුකර ඇති බවත්, ඒ අනුව මහා පරිමාණ වංචාවක් සංස්ථාව වෙත සිදු කිරීම සම්බන්ධයෙන් අළෙවි අංශය වගකිව යුතු බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

සංස්ථාවේ නිලධාරීන් මෙවන් වංචා සිදු කිරීම පිළිබඳව කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන් විසින් සිය අප්‍රසාදය පළ කරන අතර මෙම වංචා සඳහා සංස්ථාවේ අභ්‍යන්තර නිලධාරීන් පැහැදිලිවම වගකිව යුතු බව පෙන්වා දුන් කාරක සභාව ඒ සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසා ඇති බව සඳහන්.

ඒ අනුව එම වංචාව සිදුකිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව සහ එම නිලධාරීන්ගේ අයතා ක්‍රියා සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින 7ක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසද කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...