spot_img
spot_img

මාලිමාව අද කැරකෙන පැත්ත හිතාගන්න බැහැ – රනිල්

ජාතික ජන බලවේගය එක පැත්තකින් අපනයන ආර්ථිකයකට යන බව කියන අතර තව පැත්තකින් ආනයන ආර්ථිකයකට පිවිසෙනවා යනුවෙන් පවසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මොරවක ජනපතිවරණ ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා ඊයේ (06) මේ බව සඳහන් කළා.
රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකට යන විට ජාතික ජන බලවේගය තව පැත්තකට යන බව පෙනී යන බවයි.
මෙම පරස්පර විරෝධී කතා වලට අනුර කුමාර දිසානායක අද (7) පැවැත්වෙන ජාජබ මොරවක ජනරැළියේදී පිළිතුරු ලබාදිය යුතු බවද ඔහු අවධාරණය කර තිබුණා.
මෙවැනි පරස්පර විරෝධී ප්‍රකාශ නිසා මාලිමාව අද කැරකෙන්නේ මොන පැත්තටදැයි හිතාගන්නට නොහැකි වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...