මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත භාරදී තිබෙනවා.
මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි නිර්දේශ කිහිපයක් ඇතුළත්.
ඒ අනුව මෙලෙස වැටුප් වැඩිකර ගැනීමක් සිදුනොකළ යුතුව තිබු බවට අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇති බව හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
2024 මුදල් වර්ෂය සඳහා රුපියල් මිලියන අටදහස් හත්සිය පනහක් නොඉක්මවන අතිරේක මුදලක් වෙන් කිරීමට අදාළ පරිපූරක ඇස්තමේන්තු යෝජනාව පිළිබඳ විවාදය අද (19) පැවැත්වෙනවා.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වෙන් කර ඇති මෙම අතිරේක වියදම් මගින් ජාතික ප්‍රමුඛතාවයන් සඳහා ජාතික මට්ටමේ මඟපෙන්වීම සහ සම්බන්ධීකරණ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කෙරෙනු ඇති.




