spot_img
spot_img

“බංකොලොත් විපක්ෂය ඉවත් කරන්න අලුත් විපක්ෂයක් පත් කරගන්න අපි සහයෝගය දෙනවා” – ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කොංග්‍රසය

වර්තමාන පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමට පවතින කණ්ඩායම් මුළුමනින්ම බංකොලොත් වී ඇති බවත්, රටේ පවතින මෙම දේශපාලන රික්තය පිරවීම සඳහා ප්‍රබල නව විපක්ෂයක අවශ්‍යතාව දැඩිව මතුව ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික සංවිධායක නිලුක්ෂ කුමාර මහතා පවසයි.

විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ පත් කිරීම් සම්බන්ධයෙන් විපක්ෂය පාර්ලිමේන්තුව තුළ සිදු කරන හැසිරීම් මහජනතාව දැනුවත් කළ යුතු විකාරයක් බවත්, සාම්ප්‍රදායික පක්ෂ නායකයන් කෙරෙහි පවතින විශ්වාසය මේ වන විට මුළුමනින්ම බිඳ වැටී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පරාජිත නායකත්වයන් යටතේ විපක්ෂය තවදුරටත් ගමන් කිරීම ජනතාවගේ බලාපොරොත්තු පාවා දීමක් බවට ඔහු මෙහිදී චෝදනා කළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ලොකුවට කතා කරන සජිත් ප්‍රේමදාස වැනි නායකයන්ට තම පක්ෂ තුළ පවතින අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අමතක වී ඇති බව නිලුක්ෂ කුමාර මහතා විවේචනය කරයි.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා පවා පක්ෂයේ මතයට ගරු කරමින් ඉල්ලා අස්වන පුවත් වාර්තා වන පසුබිමක, ලංකාවේ නායකයන් බලයට හෝ පක්ෂ නායකත්වයට මියයන තෙක් එල්ලී සිටින බවත්, පවුල්වාදය මුල්කරගත් දේශපාලනය නිසා දක්ෂයන්ට අවස්ථාව අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

තෙල්, ගෑස් පෝලිම් සහ බාල බෙහෙත් ගෙන ඒමට වගකිවයුතු පිරිස් අද ‘ඒකාබද්ධ විපක්ෂය’ ලෙස පෙනී සිටීම මහජනතාව හමුවේ හෙළුවෙන් සිටීමක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

පවතින සම්ප්‍රදායික විපක්ෂය ප්‍රතික්ෂේප කරමින්, අලුත් දේශපාලන දැක්මක් සහිත සිවිල් ක්‍රියාකාරීන් සහ තරුණ නායකයන් එක්ව නව විපක්ෂයක් ගොඩනැගිය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය මෙහිදී යෝජනා කරයි.

දැනට පවතින බංකොලොත් විපක්ෂය ඉවත් කර ජනතාවගේ සැබෑ හඬ නියෝජනය කරන බලවේගයක් පත් කර ගැනීමට ඕනෑම මොහොතක සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව නිලුක්ෂ කුමාර මහතා කියා සිටියි.

දේශපාලනය පවුල වටා ගොනු කරන යුගය අවසන් කර, සැබෑ මහජන නියෝජනයක් සහිත විරුද්ධ පක්ෂයක් නිර්මාණය කිරීම මෙරට අනාගත ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තීරණාත්මක වනු ඇති බව පවසමින් ඔහු සිය ප්‍රකාශය අවසන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...