Saturday, May 9, 2026
spot_img
spot_img

අපි පොරොන්දු දුන්නේ අවුරුදු පහකට ඒවා ඉටු කරන්න තව කල් තියෙනවා – චතුරංග

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් තම ආණ්ඩුවට මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට වුවමනා තරම් කාලය ඇති බව ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු වැඩ්දුරටත් පවසා ඇත්තේ :
“විශේෂයෙන්ම ඇමරිකානු බදු සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කරන මතයේ තමයි රජය සිටින්නේ. මේ කලාපයට සාපේක්ෂව අපට අඩු බදු ප්‍රමාණයක් ලැබිලා තිබුණත් එය තව දුරටත් අඩුකර ගැනීම සඳහා සාකච්ඡා සිද්ධ වෙනවා. ඒ සඳහා කණ්ඩායමක් පිටත්ව යාමටත් සූදානම්. ඒ පිළිබඳව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ප්‍රකාශයක් කරලා තිබ්බා. අපි විශ්වාස කරනවා මේ මාසය ඇතුළත රජයක් විදියට උපරිම උත්සාහය ගනීවි මේ සාකච්ඡාවල උපරිම ප්‍රතිඵල ලබාගන්න.
මොකද අපෙ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගෙන වෙළඳාම සහ ආයෝජන පිළිබඳ මේ සාකච්ඡා තීව්‍ර වෙයි කියන බලාපොරොත්තුව අපට තියෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපේ පිටු දෙසීය ගාණකින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශයක්. ඒ නිසා කෙනෙක්ට තෝරාගත්, ඔවුන්ට කැමති දේවල් පමණක් ලඝූ කරමින් ඕනෙම ඉන්ඩෙක්ස් එකක් හදන්න පුළුවන්. හැබැයි ජාතික ජන බලවේගය ජනතාවට ලබාදුන්නේ වසර පහක පොරොන්දු. ඉතින් ඒ වසර පහක පොරොන්දු ඉටුකරගැනීමට අපට තවත් ඇති තරම් කාලය තියෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමා ඇතුළු රජය ඇප කැප වී සිටින බව තමයි අපට කියන්න පුළුවන්.” යනුවෙන්.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලෙස බව සඳහන්.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...