spot_img
spot_img

යුධ ගිනි අවසන් – ඇමරිකාව හා ඉරානය විසින් සාම ගිවිසුමට අත්සන් තබයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සබඳතාවල නව හැරවුමක් සනිටුහන් කරමින්, දෙරට අතර නවතම ද්විපාර්ශ්වික එකඟතා ගිවිසුමකට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියන් විසින් විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා ඇත.

මෙම අත්සන් තැබීමත් සමග දෙරට අතර පවතින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා දින 60ක කාලසීමාවකින් යුත් විශේෂ සාකච්ඡා කවුළුවක් නිල වශයෙන් බලාත්මක වන බව වාර්තා වේ.

ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්ථිර කර සිටියේ, “එය අත්සන් කර අවසන්. වර්සායි හිදී ඊට අත්සන් තැබුණා,” යනුවෙන්ය.

මෙම ප්‍රධාන එකඟතාවයට පෙර, ඉකුත් ඉරිදා දිනයේදී අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සහ ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගාලිබාෆ් (Mohammad Bagher Ghalibaf) විසින් ද මේ සඳහා වන මූලික එකඟතාවයට විද්‍යුත් ක්‍රමයට අත්සන් තබා ඇත.

වසර ගණනාවක් පුරා දෙරට අතර පැවති දැඩි රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවයෙන් පසුව, රාජ්‍ය නායකයන් දෙපළ මෙලෙස ගිවිසුමකට එළඹීම සමස්ත ලෝක දේශපාලනයේම දැඩි අවධානයට ලක්ව ඇති සුවිශේෂී සිදුවීමක්ය.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...