මීට පෙර ටෙස්ට් ක්රිකට් තරග වලට සමුදෙන බව සඳහන් කළ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්රීඩක වනිදු හසරංග නැවත ටෙස්ට් තරග සදහා ක්රීඩා කිරීමට කැමැත්ත පළ කළ බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ප්රකාශ කළා.
උපුල් තරංග කියා සිටියේ, පසුගිය සතියේදී වනිදු හසරංග ක්රිකට් තේරීම් කමිටුවට මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි.
ඒ අනුව, බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලිය සඳහා ශ්රී ලංකා සංචිතයට වනිදු හසරංග නම් කර තිබෙනවා.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් 17 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතයක් ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබෙනවා.
තරග 2කින් යුත් ශ්රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ක්රිකට් තරගාවලිය පළමු තරගය ලබන 22 වනදා ආරම්භ වීමට නියමිතයි.




