Wednesday, May 6, 2026
spot_img
spot_img

විරේන් නෙත්තසිංහ ඔලිම්පික් වරම් ලබයි

බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට  සුදුසුකම් ගැනීමට සමත්ව තිබෙනවා.

ඔහු එම  ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ ලොව ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වීමද විශේෂත්වයක්.

2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසාධන මට්ටම සපුරා ගැනීමට 20 හැවිරිදි විරේන් නෙත්තසිංහ පසුගිය මාස කිහිපයේදී ලොව පුරා විවිධ රටවල පැවැති තරගවලට සහභාගී තිබුණා.

ඒ අතරට පෝලන්තය, නෙදර්ලන්තය සහ තායිලන්තය ඇතුළු රටවල් ගණනාවකදී පැවැති බැඩ්මින්ටන් තරගාවලි ඇතුළත්.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේදී බැඩ්මින්ටන් ක්‍රීඩකයින් 38 දෙනෙකුට පරිසාධන මට්ටම  පසුකර ඍජු ලෙස සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.

ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ ඊට සුදුසුකම් ලබා ගත්තේ ඔවුන් අතරින් 32 වැනි ස්ථානයට පත් වෙමින්.

මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී  ලංකා ක්‍රීඩකයා මෙන්ම, ලාබාලතම  බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසද, විරේන් වාර්තා අතරට එක් වෙනවා.

2012 වසරේදී නිලූක කරුණාරත්නගෙන් අනතුරුව පරිසාධන මට්ටම පසු කර ඍජු ලෙස ඔලිම්පික් වරම් දිනූ පළමු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේද විරේන් නෙත්තසිංහයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...