spot_img
spot_img

චීන වාහනවලට ඇමරිකාවෙන් තහනමක්?

චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථ අමෙරිකාවට ආනයනය කිරීම නවතමින් ඊට තහනමක් පනවන ලෙස ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජනපදයේ සෙනෙට් බැංකු කමිටුවේ සභාපති, සෙනෙට් සභික ෂෙරොඩ් බ්‍රවුන් සඳහන් කර ඇත්තේ චීන විදුලි වාහන ඇමරිකානු මෝටර් රථ කර්මාන්තයේ ඉදිරි පැවැත්ම සඳහා තර්ජනයක් වනු ඇති බවයි.

මෙය, චීන විදුලි වාහන ඇමරිකාවට ගෙන්වීමේ ගැටලුව සම්බන්ධයෙන් එරට නීති සම්පාදකයෙකු විසින් සිදු කළ වඩා බලපෑම් සහගත ප්‍රකාශයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

චීනයේ නිෂ්පාදිත විදුලි වාහන ඇමරිකාවට ආනයනය කිරීම වැළැක්වීම සඳහා දැඩි තීරුබදු පැනවිය යුතු බවට යෝජනා අනෙකුත් සෙනෙට් සභිකයින් විසින් ඉදිරිපත් කර තිබුණා.

චීන මෝටර් රථ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේද යන්න පිළිබඳව එක්සත් ජනපදය පරීක්ෂණයක් ආරම්භ කරන බව පෙබරවාරි මාසයේදී ධවල මන්දිරය දැනුම් දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...